1.    ජනාධිපති අරමුදලින් ආධාර ලබා දීම නිර්දේශ කිරීම
2.    මහජනාධාර ගෙවීම
3.    වැඩිහිටි නිවාසයකට ඇතුලත් කිරීම
4.    වැඩිහිටි හැඳුනුම්පත් ලබා දීම
5.    ආබාධ සහිතවූවන්ට උපකරණ ලබා දීම
6.    ආබාධ සහිතවූවන් පුණරුත්ථාපනය කිරීම
7.    ආබාධිත හා මහජනාධාර පුනරුත්ථාපන ස්වයං රැකියා ආධාර ලබා දීම
8.    ආබාධිත තැනැත්තන් සඳහා නිවාස ආධාර ලබා දීම
9.    රෝගාධාර ගෙවීම්
10.    ස්වේච්ඡා හා සමාජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීම
11.    ශිෂ්‍යාධාර අයදුම්පත් නිර්දේශ කිරීම
12.    සමාජ ආරක්ෂණ මණ්ඩල විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට බඳවා ගැනීම
13.    දීර්ඝ කාලීනව ඖෂධ ලබා ගැනීමට හෝ සායන වලට යාමට ගමන් වියදම් හෝ වෛද්‍යාධාර සැපයීම

 

ජනාධිපති අරමුදලින් ආධාර ලබා දීම නිර්දේශ කිරීම 

අරමුණ
විශේෂිත රෝගාබාධයකින් පෙලෙන අයෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා මූල්‍යාධාර ලබා දීම

අවශ්‍ය සුදුසුකම්
•    වෛද්‍යවරයෙකු විසින් වෛද්‍යාධාර නිර්දේශ කරනු ලැබූ රෝගියෙක් වීම
•    එම වියදම දැරීමට නොහැකි ආර්ථික මට්ටමක පසුවීම

අවශ්‍ය ලිපි ලේඛන
•    පුද්ගලයාගේ ඉල්ලීමට අනුව ජනාධිපති කාර්යාලයෙන් එවනු ලබන අයදුම්පතෙහි පිටපත හා ආවරණ ලිපිය
•    ග්‍රාම නිලධාරීගේ නිර්දේශය

 

මහජනාධාර හා රෝගාධාර ගෙවීම

මහජනාධාර ගෙවීම

අරමුණ
අඩු ආදායම් හා විශේෂ සහනයන් අවශ්‍ය පවුල් සඳහා යැපීම් දීමනාවක් ලබා දීම

අවශ්‍ය සුදුසුකම්
•    මාසික ආදායම රු. 6000 ට වඩා අඩු වීම
•    වයෝවෘද්ධ වීම
•    ශාරීරික හා මානසික දුබලතාවයන්ගෙන් පෙලීම
•    වැන්දඹු, ස්වාමියා අත්හල, ස්වාමියා සුවකල නොහැකි රෝගයකින් පෙලෙන හා ස්වාමියා සිරගත වූ කාන්තාවන්
•    අවු 16 ට අඩු අනාථ හා ශාරීරික මානසික ආබාධ සහිත දරුවන් වීම

අවශ්‍ය ලිපි ලේඛන
•    ඉල්ලීම් ලිපිය
•    ශාරීරික හා මානසික රෝගීන් සඳහා වෛද්‍ය වාර්තා
•    ග්‍රාම නිලධාරි / සමාජ සේවා නිලධාරී නිර්දේශය සහිත ස.සේ.ම.ආ. (1) / (02) ආකෘතිය

මහජනාධාර මාසික ගෙවීමේ අයදුම්පත මෙතනින් බාගත කරගන්න

සමාජ සේවා ආධාර විශේෂිත අවස්ථා හා අබල අවස්ථා

 

රෝගාධාර ගෙවීම්
අරමුණ
විශේෂිත රෝගයකින් පෙලෙන අඩු ආදායම්ලාභී අයට ප්‍රතිකාර සදහා

අවශ්‍ය සුදුසුකම්
•    අඩු ආදායම් පවුලක සාමාජිකයෙකු වීම
•    ක්ෂය රෝගය, පිළිකා රෝගය, තැලිසීමියා , ලාදුරු රෝගය සහ වකුගඩු රෝගය වැලඳීම

අවශ්‍ය ලිපිලේඛන
•    ඉල්ලීමේ ලිපිය
•    අදාල රෝගය පිළිබඳ වෛද්‍ය සහතිකය
•    අයදුම්පත්‍රය
•    අඩු ආදායම්ලාභී හා පදිංචිය සනාථ කිරීමට ග්‍රාම නිලධාරී වාර්තාව
•    වකුගඩු රෝගය සදහා විශේෂඥ වෛද්‍ය සහතිකය
•    සමාජ සේවා නිලධාරී නිර්දේශය

රෝගාධාර අයදුම්පත මෙතනින් බාගත කර ගන්න (ක්ෂය/ලාදුරු/පිලිකා/තැලසීමියා/වකුගඩු)

වැඩිහිටි නිවාසයකට ඇතුලත් කිරීම


 අරමුණ
කිසිවෙකුගේ පිලිසරණක් නොමැතිව සිටින වැඩිහිටියන් සඳහා රැකවරණය සැපයීම

අවශ්‍ය සුදුසුකම්
•    වයස අවු 60 ට වැඩි විය යුතුය
•    තමන්ව රැකබලා ගැනීමට කිසිවෙක් නැති ජීවත් වීමට කිසියම් ආදායම් මාර්ගයක් නොමැති අයෙකු විය යුතුය
•     බෝවෙන රෝග හෝ සමාජ රෝග වලින් නොපෙලිය යුතුය
•    තමාගේ දෛනික කටයුතු තමා විසින්ම ඉටු කර ගැනීමට හැකියාව තිබිය යුතුයි.

අවශ්‍ය ලිපිලේඛන
•    ඉල්ලීම් ලිපිය
•    එස් එස් / එච් / 1 ඒ දරන අයදුම් පත්‍රය
•    ඉල්ලීම සනාථ කිරීම සඳහා අවශ්‍ය වන ලිපි
•    ග්‍රාම නිලධාරී නිර්දේශය

 

වැඩිහිටි හැදුනුම්පත් ලබා දීම


 අරමුණ
වැඩිහිටි ජනතාවගේ සුභසාධනය අරමුණු කර ගත් විශේෂිත හැඳුනුම්පතක් ලබා දීම

අවශ්‍ය සුදුසුකම්
වයස අවුරුදු 60 සම්පූර්ණ වූ අයෙකු වීම

අවශ්‍ය ලිපිලේඛන
•    ඉල්ලීම් ලිපිය
•    වැඩිහිටි හැඳුනුම්පත සඳහා වූ අයදුම් පත්‍රය
•    මුද්දර ප්‍රමාණයේ (සෙ.මි. 3  සෙ.මි. 2) වර්ණ ඡායා රූප 02 ක්
•    උපන් දිනය සනාථ කළ හැකි පිලිගත් ලියවිල්ලක්(උප්පැන්න සහතිකය,ජාතික හැදුනුම්පත)

 

ආබාධ සහිත වූවන්ට උපකරණ ලබා දීම

අරමුණ
අඩු ආදායම්ලාභී ආබාධිත තත්ත්වයේ පසුවන අයට ඔවුන්ගේ ආබාධිත තත්ත්වය අවම කර ගැනීම සඳහා අවශ්‍ය වන උපකරණ ලබා දීම (රෝද පුටු, ශ්‍රවන උපකරණ, අක්ෂි කාච, කැලිපස් සපත්තු, ඇස්කණානාඩි, කිහිලිකරු /අත්වාරු, කෘතිමඅත්පා. සුදු සැරයටි,වෝකර්,බස්තම්,වායු මෙට්ට, ජල මෙට්ට)

අවශ්‍ය සුදුසුකම්
අඩු ආදායම්ලාභී හා ආබාධිත තත්ත්වයේ අයෙකු වීම

අවශ්‍ය ලිපි ලේඛන
ශ්‍රවණ උපකරණ ලබා දීම
•    අබලතා වාර්තාව
•    ඉල්ලීමේ ලිපිය
•    රු 6000/= ට වඩා අඩු ආදායම්ලාභීයෙකු බැව් සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාව
•    වෛද්‍ය වාර්තා

රෝද පුටු ලබා දීම
•    අබලතා වාර්තාව
•    රු 6000/= ට වඩා අඩු ආදායම්ලාභීයෙකු බැව් සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාව
•    ආබාධිත තත්ත්වය අනුව රෝද පුටුව අවශ්‍ය වන්නේ කොමඩ් සහිතව ද රහිතවද යන්න පිළිබඳව නිර්දේශය
•    ප්‍රතිකාර ලබා ගන්නා වෛද්‍ය වාර්තා

ඇස් කණ්නාඩි ලබා දීම
•    අබලතා වාර්තාව
•    රු 6000/= ට වඩා අඩු ආදායම්ලාභීයෙකු බැව් සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාව
•    ඇස් පරීක්ෂා කරන ලද වෛද්‍ය වාර්තාව

කිහිලිකරු / අත්වාරු ලබා දීම
•    අබලතා වාර්තාව
•    රු 6000/= ට වඩා අඩු ආදායම්ලාභීයෙකු බැව් සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාව
•    වෛද්‍ය වාර්තාව

කෘතිම අත්/පා ලබා දීම
•    අබලතා වාර්තාව
•    රු 6000/= ට වඩා අඩු ආදායම්ලාභීයෙකු බැව් සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාව
•    කෘත්‍රිම පාදයක් ඉල්ලීමේ දී , අබාධිත තත්ත්වයේ නොවන පාදයේ පතුලේ සටහනක්
•    ප්‍රතිකාර ලබා ගන්නා ලද වෛද්‍ය වාර්තාව

සුදු සැරයටි ලබා දීම
•    අබලතා වාර්තාව
•    රු 6000/= ට වඩා අඩු ආදායම්ලාභීයෙකු බැව් සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාව
•    අන්ධ භාවය සනාථ කරන ලද වෛද්‍ය වාර්තාව

කැලිපස් සපත්තු ලබා දීම
•    අබලතා වාර්තාව
•    රු 6000/= ට වඩා අඩු ආදායම්ලාභීයෙකු බැව් සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාව
•    ආබාධිත තත්ත්වයේ නොවන පාදයේ පතුලේ සටහනක්
•    වෛද්‍ය වාර්තාව

 

ආබාධ සහිත වූවන් පුනරුත්ථාපනය කිරීම


 අරමුණ
කිසිදු හවුහරනක්  නොමැතිව අසරණභාවයට පත් වූ ආබාධ සහිත වූවන් ආයතන ගත කොට ඔවුන්ට පෝෂණය ආරක්ෂාව ලබා දී රැකබලා ගැනීම හා සමාජගත කිරීම

අවශ්‍ය සුදුසුකම්
තම දෛනික කටයුතු නිසිආකාරව ඉටුකර ගැනීමට ආබාධ සහිත භාවය ඍජුවම බලපා තිබීම

අවශ්‍ය ලිපි ලේඛන
•    ආබාධ සහිත භාවය තහවුරු කිරීම සඳහා පිළිගත් වෛද්‍ය සහතිකයක්
•    ඉල්ලීමේ ලිපිය
•    අදාල අයදුම් පත්‍රය
•    ග්‍රාම නිලධාරී වාර්තාව

 

ආබාධිත/මහජනාධාර ලාභීන් වෙත පුනරුත්ථාපන ස්වයං රැකියාආධාර ලබා දීම

 අරමුණ
ආබාධිත හා මහජනාධාරලාභී පුද්ගලයින්ගේ ආර්ථික තත්ත්වය ඉහල නැංවීම

අවශ්‍ය සුදුසුකම්
•    ආබාධිත /  මහජනාධාරලාභී  / වැන්දඹු අයෙකු වීම
•    ස්වයං රැකියාවක් කිරීම සඳහා හැකියාවක් තිබීම

අවශ්‍ය ලිපි ලේඛන
•    ඉල්ලීම් ලිපිය
•    වෛද්‍ය වාර්තාව
•    මිල ගණන් විස්තර
•    ග්‍රාම නිලධාරී වාර්තාව

 

ආබාධිත තැනැත්තන් සදහා නිවාස ආධාර ලබා දීම



ආබාධිත තැනැත්තන් සඳහා නිවාස ආධාර ලබා දීම
අරමුණ
ආබාධිත තැනැත්තන් සඳහා නිවාස හා යටිතල පහසුකම් සැලසීම

අවශ්‍ය සුදුසුකම්
•     ආබාධිත තත්ත්වයට පත් වූ, නිවසක් නොමැති පුද්ගලයෙකු වීම
•    මාසික ආදායම රු 6000 කට අඩු වීම
•    ඉඩමේ අයිතිය තමා සතු වීම හා එය ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කර තිබීම

අවශ්‍ය ලිපි ලේඛන
•    ඉල්ලීම් ලිපිය
•    ආබාධිත බව සනාථ වන වෛද්‍ය සහතික
•    සහතික කරන ලද ඔප්පු පිටපත
•    කාර්මික නිලධාරී විසින් සහතික කරන ලද ඇස්තමේන්තුව
•    ඇස්තමේන්තුවේ සඳහන් වැඩිපුර මුදල සපයා ගන්නා ආකාරය දැක්වෙන ලිපියක්
•    කාර්මික නිලධාරී විසින් සහතික කරන ලද නිවසේ දළ සැලැස්ම
•    ග්‍රාම නිලධාරී /  සමාජ සේවා නිලධාරී නිර්දේශ වාර්තා

 

ස්වෙච්ඡා සහ සමාජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීම

  අරමුණ

ස්වෙච්ඡා සංවිධානයක් රජයේ ලියාපදිංචි කිරීම හා ක්‍රියාකාරීව පවතීද යන්න අධීක්ෂණයට ලක් කිරීම

අවශ්‍ය සුදුසුකම්
ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනතේ සඳහන් කොන්දේසි සපුරා තිබීම

අවශ්‍ය ලිපි ලේඛන
•    ඉල්ලීමේ ලිපිය
•    ග්‍රාම නිලධාරී නිර්දේශය
•    අයදුම් පත්‍ර‍ය
•    සමිතිය සතු ව්‍යවස්ථාව
•    සාමාජික නාම ලේඛනය
•    නිලධාරී මණ්ඩලයේ නාමලේඛනය
•    පසුගිය වසරේ අයවැය වාර්තාව
•    මහ සභා වාර්තාව සහ පැමිණීමේ නාමලේඛනය
•    බැංකු ගිණුමේ තොරතුරු
•    ගිණුම් පිළිබඳ ගණකාධිකාරීවරයෙකුගේ සහතිකය සහිත ගිණුම් ප්‍රකාශය

 

ශිෂ්‍යාධාර අයදුම්පත් නිර්දේශ කිරීම

 අරමුණ
පියාගේ රැකවරණය අහිමි පියා පූර්ණ බෙලහීන අයකු වීම අඩු ආදායම්ලාභි පවුල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධයාපනයට අවශ්‍ය පහසුකම් සැලසීම
    
අවශ්‍ය ලිපි ලේඛන
•     ඉල්ලීම් ලිපිය
•    අබල වාර්තාව
•    උප්පැන්න සහතිකය
•    විදුහල්පති සහතිකය
•    පියාගේ රුකවරණය අහිමි බව සනාථ කිරීමේ ලේඛණ

 

සමාජ ආරක්ෂණ මණ්ඩල විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට බදවා ගැනීම

 අරමුණ
රටේ ජාතික ආර්ථිකයේ කොටස්කරුවන් වෙමින් ස්වයං රැකියාවක හෝ අවිධිමත් අංශයේ රැකියාවක යෙදෙන අය සඳහා රැකවරණය ලබා දීම

අවශ්‍ය සුදුසුකම්
•    වයස අවු 18 – 59 ත් අතර ස්වයං රැකියාවක හෝ අවිධිමත් අංශයේ රැකියාවක නියුක්ත වූවෙකු වීම
•    රජයේ වෙනත් විශ්‍රාම වැටුප් හෝ සමාජ ආරක්ෂණ ක්‍රමයක් යටතේ ප්‍රතිලාභයකට හිමිකම් නොමැත්තෙකු වීම

අවශ්‍ය ලිපි ලේඛන
•    සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් නිකුත් කරන ලද විශ්‍රාම වැටුප් යෝජනා කුමයට බඳවා ගැනීම සඳහා වූ අයදුම්පත
•    උප්පැන්න සහතික

සුරැකුම විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ක්‍රමය සදහා අයදුම්පත මෙතනින් බාගත කර ගන්න

The enrollment of persons possessing the above prescribed qualifications will be Effected by the following officers and office.

    Grama niladhari
    Samurdhi Development Officer
    Divisional Secretariat
    Divisional Secretariat – SLSSB –District Office
    SSB Head Office
    Other Officers Authorized by SLSSB

Places of Enrollment

First contribution will be collected form such persons and enrolled by the enrollment Officer. The members can pay their contribution Through Following collection parties.

    Government Bank – BOC, Peoples Bank, NSB
    Post Office
    Authorized Gramaniladhari
    Divisional Secretariat
    SLSSB –District Office
    SLSSB Head Office

 

දීර්ඝකාලීනව ඹෟෂධ ලබා ගැනීමට හෝ සායන වලට යාමට ගමන් වියදම් සැපයීම

 අරමුණ
රජයේ රෝහල් වල නොමැති ඖෂධ මිලදී ගැනීමට හා සායන වලට යාමට ඒමට සිදුවන වියදම් පියවා ගැනීමට නොහැකි දිලිඳු පවුල් වල පුද්ගලයින්ට සහන සැලසීම

අවශ්‍ය සුදුසුකම්
•    වෛද්‍ය සහතිකය මත ඖෂධ ලබා ගන්නා (දීර්ඝ කාලීන ඹෟෂධ) රෝගියෙකු වීම
•    එම ඹෟෂධ රජයේ රෝහල් වල නොමැති වීම
•    අඩු ආදායම්ලාභී පවුලක සාමාජිකයෙකු වීම
•    පිට පළාත් වල පැවැත්වෙන සායන වලට සහභාගි වීමට සිදුවීම

අවශ්‍ය ලිපි ලේඛන
•    සම්පූර්ණ කරන ලද ආකෘතිය
•    වෛද්‍යවරයා විසින් ඖෂධ නිර්දේශ කරන ලද වාර්තාව
•    ග්‍රාම නිලධාරී. සමෘද්ධි සේවා නිලධාරීගේ වාර්තාව
•    නිර්දේශත ඖෂධ වර්ගය වෙනුවෙන් රජයේ ඔසු සලකින් ලබාගත් ඇස්තමේන්තුවක්
•    ප්‍රවාහන දීමනාව සදහා වාහන රියදුරුගේ හැදුනුම්පත් අංකය සහිත ගමන් වියදම තහවුරු කරන ලිපිය

ගැබිනි මවුවරුන් සදහා රු. 20000.00 ක පෝෂණීය දීමනාව ලබා දීමේ වැඩසටහන

 ඔබ සහභාගී වන සායන මධ්‍යස්ථානයෙන් / ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලද අයදුම් පත්‍රය නිවැරදිව සම්පුර්ණ කර, ඔබ ස්ථිරව පදිංචි ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීගෙන් පදිංචිය සහතික කර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීගෙන් නිර්දේශය සහ දැනට සහභාගී වන මාතෘ සායනයේ සායන භාර වෛද්‍ය නිලධාරීගේ නිර්දේශය සහතව ගැබ්ගෙන මාස 3 ක් ඉක්මවීමට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමා විය සංවර්ධන නිලධාරී හෝ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන නිලධාරීට භාර දෙන්න..

රු.20000 ක පෝෂණ දීමනාව අයදුම්පත මෙතනින් බාගත කර ගන්න

News & Events

Scroll To Top