උපත් ලියාපදිංචිය

උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීමේ අයදුම්පත

  •  උප්පැන්න සහතිකයේ පිටපත් ලබාගත යුත්තේ උපත සිදුවූ ස්ථානයට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි.
  • අදාල සහතිකය දත්ත පද්ධතියේ ඇත්නම්, ඔබට ආසන්නයේම ඇති ඔිනෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකින් එහි සහතික පිටපත් ලබාගත හැකියි.
  •  1960.01.01 වන දින සිට 2020.12.31 දින දක්වා වූ සහතික වල පිටපත් පද්ධතිය මගින් ලබා ගත හැකිය. (දත්ත පද්ධතියේ ඇත් ද යන්න ඔබට ආසන්නයේම ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් පරික්ෂා කර තහවුරු කර ගත හැකිය.)
අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන්/වෙබ් අඩවියෙන් ලබාගත හැක. 
අයකරනු ලබන ගාස්තු,
  • උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට - එක පිටපතකට ගාස්තුව රු.120.00
  • උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, (වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය වන බැවින්) - එක පිටපතකට ගාස්තුව රු.250.00
අදාල ගාස්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ ලංකා බැංකුවේ (බත්තරමුල්ල ශාඛාවේ) 7039827 දරණ ගිණුම් අංකයට ගෙවීම් කර, එහි දී ලබා දෙනු ලබන ලදුපත (Bank Slip) සහ සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය, අදාල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර සහතික පිටපත් ඉල්ලුම් කල හැකිය. ස්වයංක්‍රිය ට්‍රේලර් යන්ත්‍ර මගින් කරනු ලබන ගෙවීම් හෝ Online payment භාරගනු නොලැබේ.
උප්පැන්න සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම්, ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක්, ඉල්ලුම් පත්‍රය හා ඉහත දක්වා ඇති පරිදි මුදල් ගෙවූ රිසිට්පත ද සමග ඉදිරිපත් කල යුතුය.
උපත ලියාපදිංචි වී තිබේ නම්, අදාල උප්පැන්න සහතිකයේ ඉල්ලුම් කර ඇති පිටපත් සංඛ්‍යාව ගෙවන ලද මුදල අනුව නිකුත් කරනු ලබන අතර උපත ලියාපදිංචි වී නොමැති නම් ඒ පිළිබඳව B38 ආකෘතිය මගින් දන්වා යවනු ලැබේ.
** එසේම https://online.ebmd.rgd.gov.lk වෙත පිවිසීමෙන් Online ක්‍රමවේදය ඔස්සේ සහතික පිටපත් ඉල්ලුම් කිරීමේ හැකියාව පවතී.

මරණ ලියාපදිංචිය

 

නිවසක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම.

  • මරණය සිදුවී දින 07ක් ඇතුලත ග්‍රාම නිලධාරී වෙත දැනුම් දෙන්න. 
  • ග්‍රාම නිලධාරී විසින් මරණය පිළිබඳව වාර්තාවක් ප්‍රදේශයේ රෙජිස්ට්‍රාර් වෙත යවනු ලැබේ.       
  • මරණය ලියාපදිංචි කරනු ලබන්නේ මරණය සිදුවූ ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වරයා විසිනි. මරණ ප්‍රකාශය රෙජිස්ට්‍රාර් වරයාගෙන් ලබාගත හැක.
            දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්
            මරණය සිදුවන අවස්ථාවේදි එහි සිටි කිට්ටුම නෑදෑයා
            අවසන් වරට රෝගීව සිටියදී උපස්ථානය කළ කිට්ටුම නෑදෑයා
            එවැනි නෑදෑයකු නොමැතිවූ විට
                මියගිය අය පදිංචි රෙජිස්ට්‍රාර් කොට්ඨාශය තුල වාසය කරන මියගිය තැනැත්තාගේ නෑදෑයකු
            එවැනි නෑදෑයකු නොමැතිවූ විට
                මරණය සිදුවන අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙක්
                මරණය සිදුවූ ගෙදර පදිංචිකරු
            ඉහත සඳහන් පුද්ගලයන් නොමැතිවූ විට
               
  • මළ සිරුර වැළලීමට, ආදාහනය කිරීමට හෝ වෙනත් ආකාරයකින් ඒ පිළිබඳ අවසන් කටයුතු කරන පුද්ගලයා
        මරණය සිදු වී මාස 03ක් ඇතුලතදී මරණය නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.  .  
  • දැනුම් දෙන්නා වෙත නොමිලයේ මරණ සහතිකයක් නිකුත් කරනු ලැබේ.

මරණ සහතික වල පිටපත් ලබා ගැනීමේ අයදුම්පත්‍රය

මරණ ප්‍රකාශය (30  වගන්තිය)

 

News & Events

Scroll To Top